පාස්කු ඉරිදා දිනයේ දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මකවන විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (31) මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.
එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු කතෝලික බැතිමතුන්ගේ නිවෙස්වලට ගොස් සුවදුක් විමසා වියළි සළාක මළු බෙදා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ,බස්නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන කාලයේ මෙම ප්‍රහාර එල්ල කරනු ලැබු අතර මෙම ප්‍රහාරය වළක්වා ගැනිමට ක්‍රියා නොකිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවි තිබෙනවා.
2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන 08කට අන්තවාදී ත්‍රස්තයන් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේ මිනිස් ජීවිත 250කට වැඩි සංඛ්‍යාවක් බිලි ගනිමින්.
මේ හේතුවෙන් අද දිනයේ දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබු අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 6,522ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 320ක් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2,746 දෙනෙකු අනුයුක්ත කර ඇති බව පොලිසිය පැවසුවා.


