32 C
Colombo
Friday, March 29, 2024

බියජනක සිතුවිලි මැද ඕස්‍ට්‍රේලියානු ක්‍රිකට් පිළි වසර 24 කට පසු හෙට පකිස්තානයේදී තරඟ බිමට

- Advertisement -

වසර 24 කට පසු ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සති හයක සංචාරයක් සදහා පකිස්තානයට පැමිණ සිටින අතර දෙරට අතර වන පළමු ටෙස්ට් තරගය හෙට (මාර්තු 04) රාවල්පිණ්ඩිහිදී ඇරඹීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස්රථයට 2009 වසරේ ලාහෝර්හි දී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම් පකිස්තානයේ සංචාරය කිරීම නතර කර තිබූ අතර දශක දෙකකට පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක නිරත වන්නේ ද පකිස්තානය විසින් පූර්ණ ආරක්ෂාව සහතික කිරීමෙන් අනතුරුවය.

ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ලේඛකයකුවන පීටර් ලාලෝර් ඕස්ට්‍රේලියාව පකිස්තානයේ සංචාරය කිරීම නිර්භීත ක්‍රියාවක් ලෙස පෙනෙන්නට තිබුණද ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් තුළ භීතිය මුළුමනින්ම පහව ගොස් නැතැයි ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් පකිස්තානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව දැඩි ලෙස තර කරමින් හමුදා සහ පැරා මිලිටරි භටයින් දහස් ගණනක් ආරක්ෂාව සදහා යොදවා ඇති බව එරට වාර්තා සදහන් කරයි.

හමුදාවට අමතරව අතිරේක පොලිස් භටයින් 4,000 ක් නගරය පුරා ස්ථානගත කර ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාංගණ ආශ්‍රිත සාප්පු සංකීර්ණ සහ වෙලඳපොලවල් වසා දමා, ජංගම සේවාද අත්හිටුවා ක්‍රීඩා කණ්ඩායම් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

වසා දැමුණු මාර්ගවල සන්නද්ධ බස් රථ නවත්වා ඇති අතර වහළවල් මත ස්නයිපර්වරු රැකවල් ලා සිටින බව ද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ ආරක්ෂක විධිවිධාන පිළිබඳ විස්තර කරමින් ලාලෝර් පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...