28.2 C
Colombo
Saturday, April 20, 2024

අස් උනාට මම තාමත් මුදල් ඇමති – අලි සබ්රි

- Advertisement -

තමන් කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් තවදුරටත් කටයුතු කරන බව හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ඒ, රූපවාහිනී සංවාදයක් සමඟ එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි.

ප්‍රශ්නය – ඔබ මුදල් අමාත්‍ය ධූරයේ නොහිටියාට නොනිල වශයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ ද?

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි – නෑ , රටක් වශයෙන්, කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් වැඩ කරනවා. මම ඒ තත්ත්වයට වැඩ කළේ මුදල් අමාත්‍යාංශයේ ඉන්නකොට නෙමේ. අධිකරණ අමාත්‍යාංශයේ ඉන්නකොටම කැබිනට් එකෙන් කිව්වා මේ දෙවල් හදලා දෙන්නැයි කියලා. එකේ හිටියේ G.L මැතිතුමයි මමයි අර දෙන්නයි. මම ඒකේ වගකීම අරගෙන මාත් එක්ක වැඩ කරන නීතිඥ ප්‍රජාවේ ටීම් එකක් දලා එකේ RFP (IMF යෝජනාවලියක් සඳහා ඉල්ලීම් කිරීමට අවශ්‍ය ලියවිලි) හදලා ඔවුන් එක්ක සාකච්ඡා කරලා දුන්නා කවුද මේක කරේ කියලා. ඒකට සහයෝගයක් ලැබුන් නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. නමුත් අලුත් අධිපතිවරයා ආපු වහාම, ඊයේ ආපු ගමන්ම එයා කෙලින්ම එයාපෝට් එකේ ඉඳලා ඇවිල්ලා. මම හිතනවා ඒක අපි පොසිටිව් විදියට දකින්න ඕනේ කියලා එතුමා මෙතන හිටපු කෙනෙක් එතුමා විශ්‍රාම ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ හොඳට හිටපු කෙනෙක් එතුමා මේ රට අගාදයෙන් බේරාගැනීම සඳහා ලොකු රිස්ක් එකක් අරගෙන එනවා. එයාට ලොකු විශ්වාසයකුත් තියෙනවා. මම හිතනවා එයාට එහෙම රිස්ක් එකක් ගන්න පුළුවන් නම් මෙහෙ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් රිස්ක් එකක් ගන්න ඕනේ තමන්ගේ ඉමේජ් එක ගැනත් නොහිතා.

ප්‍රශ්නය – ඔහු විශ්‍රාම දිවිය නිම කරලා එන්නේ ගින්නක් නිවන්න.

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි – ගින්නක් නිවන්න එන්නේ. එතුමා ආපු ගමන්ම ඊයෙ රෑත් මාත් එක්ක කතා කළා. අද උදෙත් මාත් එක්ක කතා කළා. අද අපි ඒක පබ්ලිෂ් කිරීම සඳහා කටයුතු කරනවා. පබ්ලිෂ් වුණාම, අපි කැබිනට් ඇපෘවල් එක අරගෙන. ඒකෙන් තෝර ගන්න ඕනේ හොඳ ෆයිනෑෂියල් ඇඩ්වයිසර් කෙනෙකුත් හොඳ ලීගල් ඇඩිවයිසර් කෙනෙකුත්.

තමන්ගේ ඉල්ලා අස්වීම තවමත් ජනාධිපතිවරයා විසින් පිළිගෙන නොමැති බව හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

එහෙත් තමා රට ගැන සිතා මේ අවස්ථාවේ අයි එම් එෆ් හා අදහස් හුවමාරුවට අවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවය.

“කවුරුහරි මේක බාරගෙන කරන්න කැමති නම් ඒ අවස්ථාව ලබාදෙන්න අපි සූදානම්.”

ඔහු තවදුරටත් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගෙන රට මුහුණ දී ඇති ණය ප්‍රශ්නය සහ විදේශ විනිමය ගැටලුව විසඳා නොගතහොත් තව මාස කිහිපයකින් රට අරාජික විය හැකි බවය.


RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...