28.4 C
Colombo
Friday, April 26, 2024

බිලියන 10ක් වියදම් කළත් හදපු අදායම් බදු මෘදුකාංග පද්ධතිය ක්‍රියාකාරී මට්ටමේ නෑ – COPA

- Advertisement -

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු අදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා 2014 වසරේ දී සැදු RAMIS නම් අදායම් බදු කළමනාකරණ මෘදුකාංග පද්ධතිය සඳහා රුපියල් බිලියන 10ක පමණ ආයෝජනයක් සිදු කළද එය මේ වන විට නිසි තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවන බවට තොරතුරු ලැබී ඇති බව COPA කමිටුව පවසනවා.

පසුගියදා COPA කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කියා සිටියේ අදාළ මෘදුකාංග පද්ධතිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් මේ වන විට තවත් විශාල මුදලක් වැය කර ඇති බවයි.

ඒ හේතුවෙන් මෙම මෘදුකාංගය සඳහා තවදුරටත් මුදල් වියදම් කිරීම ප්‍රතිඵලදායක බවද ඒ මහතා පෙන්වා දෙනවා.

RAMIS මෘදුකාංග පද්ධතිය සම්බන්ධව ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයෙන් පෙනී යාම හේතුවෙන් අදාළ පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත් කිරීමේ හැකියාව විමර්ශනය කොට නිගමනය ඉදිරිපත් කිරීම සඳහා COPA කමිටුව විසින් අනුකමිටු දෙකක් පිහිටුවීමට ද යෝජනා වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...