27 C
Colombo
Wednesday, April 23, 2025

ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම ගැන තොරතුරු හෙළිවෙයි

- Advertisement -

ග්‍රෑන්ඩ්පාස් නාගලගං වීදිය ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේ දෙදෙනෙකු ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් සිදුවූවක් බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදිය ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකෙරුණේ ඊයේ රාත්‍රී 9:30ට පමණ‍යි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක් ඉලක්ක කරගනිමින් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණා.

එම වෙඩිතැබීම අසල තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්වී තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි නිපුන ලක්ෂාන් නොහොත් කොටියා නමැත්තෙක් සහ ශාන් අහමඩ් නමැති 37 හැවිරිදි තැනැත්තෙක්.

ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නිපුණ නමැත්තාගේ කණ්ඩායමට අයත් බවත් සේදවත්ත කසුන් නමැත්තාගේ මෙහෙයවීම මත මෙම වෙඩිතැබීම සිදුරක ඇති බවත් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

2023 වසරේ සේදවත්ත කසුන්ට අයත් වත්තල ප්‍රදේශයේ හෝටලයකදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමකට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ.

මේ අතර සැකකරුවන් පැමිණි යතුරුපැදිය අද උදෑසන සොයාගැනුණේ ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදීයි.  

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES