26 C
Colombo
Thursday, March 23, 2023

පරිසර විනාශය ගැන දේවානි හඬ නැගීම සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යවරයා නොසතුටින්

- Advertisement -

ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා ශාකය ආරක්ෂා කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක හුදෙකලා සටහනක් රැගෙන යන බවට පෙන්වීමට උත්සහ දරන බව වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

ඇතැම් අය පෞද්ගලිකව ප්‍රතිරූපයන් ගොඩනගා ගැනීමට උන්මත්තක ලෙස කටයුතු කරන බවටයි ඔහු චෝදනා කර සිටින්නේ

ගම්පහ, දාරලුව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දුර්ලභ ක්‍රොඩියා සෙයිලනිකා ශාකය අධිවේගී මාර්ගය ඉදිකිරිම හේතුවෙන් වෙනත් ස්ථානයකට උගුල්ලා ගොස් සිටුවීමට සුදානම් වන බවත් එය ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරිනියක් වන දේවානි ජයතිලක තනිවම සටනක් සිදුකරන බැවින් ඒ සඳහා සහය දැක්වීමට වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍යාංශය ලෙසට කටයුතු කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර විසින් පාර්ලිමේන්තුවේ දී නගන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය සී.බී. රත්නායක මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ වන විට සිය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ස්ථානයට ගොස් ඇති බවත් පවතින තාක්ෂණය සහිතව එම ශාකයයට හානියක් නොවන සේ එය එම ස්ථානයෙන් ඉවත් කරලීමේ හැකියාවක් ඇත්නම් ඒ ගැන කටයුතු කරන බවත් නොඑසේනම් ඊට සුදුසු පියවර ගැනීමට කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...