තමන් හට නීති සහය ලබාදෙන බව පවසමින් පැමිණ තමන් සමඟ සිට ලබාගත් ඡායාරූපයක් අවභාවිතා කළ නිරූපා සේරසිංහ මහත්මිය හට ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය සිය විරෝධය පලකර තිබෙනවා.
ඇය පවසන්නේ මෙම සිදුවීමෙන් පසුව මින් ඉදිරියට කිසිදු අයෙකු සමග ඡායාරූප ගැනීමෙන් වළකින බවයි.
දේවානි ජයතිලක මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකා නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය ලබාගත් ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් දේවානි ජයතිලක යනු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කාන්තාවක් බවත් ඇය පක්ෂයේ උසිගැන්වීම්වලට පරිසර විනාශයන් සිදුවන බවට පවසමින් කටයුතු කරන බවටත් විවිධ ප්‍රචාරයන් හුවමාරු වනවා.
කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් දේවානි ජයතිලක මහත්මිය සඳහන් කරන්නේ තමන් දේශපාලන පක්ෂයකට ලැඳිබව ඇඟවීමට යම් කිසි පක්ෂයක් හෝ පුද්ගලයෙක් උත්සහ කරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
එමෙන්ම නිරූපා සේරසිංහ මහත්මිය තමන්ගේ ඡායාරූපය පලකර සිදුවීම සම්බන්දයෙන් තමන් දැඩි අප්‍රසාදය හා කණගාටුව ප්‍රකාශ කරන බවද ඇය සඳහන් කර තිබෙනවා.
