ජාත්‍යන්තර ටෙස්ට් තරග 05ක් ජය ගැනීමට අඩුම තරග සංඛ්‍යාවක් වැය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයින් අතරින් පළමු තැන ගැනීමට වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා සමත් ව තිබෙනවා.
ඒ පසුගියදා සංචාරක නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයග්‍රහණය කිරීමත් සමගයි.
මීට පෙර මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එක්ව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 05ක් ජය ගැනීම සඳහා රැගෙන යාමට එම නායකයින් දෙදෙනාට පිළිවෙළින් තරග 09 බැගින් වැය වී තිබෙනවා.
නමුත් ධනංජය ද සිල්වා හට ඒ සඳහා වැය වී ඇත්තේ තරග 07ක් පමණයි.