31 C
Colombo
Wednesday, May 21, 2025

ධනංජය ද සිල්වාගේ සහෝදරයා අත්අඩංගුවට

- Advertisement -

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු නැමැත්තා ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තවත් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින්.

සාවිත්‍ර ද සිල්වා ඊයේ (10) රාත්‍රියේ රත්මලානේ පිහිටි සිය නිවස අසළදී පුද්ගලයෙකුට පහරදී තිබෙනවා.

මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා, ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු නැමැත්තාගේ සහා ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයෙක් බවයි පැවසෙන්නේ.

අනතුරුව පහරකෑමට ලක් වූ පුද්ගලයා, ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහරදී තිබෙනවා

පොලීසිය සඳහන් කළේ, ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු ධනංජයගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.

අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් රත්මලානේ සුද්දා නැමැත්තාට හා තවත් අයෙකුට පහරදී තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ දෙපිරිසම කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව දෙපිරිසම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මේ වන විට ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා හෙවත් සංගු නැමැත්තා හා ඔහුගේ පහර කෑමෙන් තුවාල ලැබූ රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් අයෙක් පොලිස් භාරයේ පසුවෙමින් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ කාලය කන මන්ත්‍රීලාට වෙන්න යන දේ

ස්ථාවර නියෝග 27 (2) යටතේ විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකූල නොවන ආකාරයෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ කාල කළමනාකරණයට දැඩි බාධාවක් සිදුව ඇති බව...

ගුරු පුරප්පාඩු ගැන විශේෂ දැනුම්දීමක්

මේ වසරේ අග භාගය වන විට ගුරු පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් ක්‍රියමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. අද (21) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මුජිබුර්...

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

POPULAR ARTICLES