29 C
Colombo
Saturday, January 18, 2025

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

- Advertisement -

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සාවිත්‍ර සිල්වා ඇතුළු තවත් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්  ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

කෙසේවෙතත්,  සාවිත්‍ර සිල්වා මේ වනවිටත් පොලිස් ආරක්ෂාව යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේගේ සහෝදරයා නොහොත් “සංගු” නැමැත්තා ඊයේ (10) රාත්‍රි රත්මලානේ පිහිටි සිය නිවස අසළදී පුද්ගලයෙකුට පහරදී දී ඇති බව අනාවරණය වී තිබෙනවා.

පහරකෑමට ලක් වූ පුද්ගලයා ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු නැමැත්තාගේ සහා ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයෙක් බවද වාර්තා වෙනවා.

අනතුරුව පහරකෑමට පත් වූ පුද්ගලයා, ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ සාවිත්‍ර සිල්වාට පහර දී තිබෙනවා.

පොලීසිය පවසනන්නේ,එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබූ අතර ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු ධනංජයගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.

අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් තමන්ට පහරදුන් අයෙකුට පහරදී තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාම කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබු අතර ඉන් පසුව ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

POPULAR ARTICLES