29 C
Colombo
Friday, June 2, 2023

DHL Sri Lanka සහ SOS ශ්‍රී ලංකා ළමා ගම්මාන, තරුණ රැකියා අවස්ථා වැඩි කිරීමට දෙපිලේ හවුල්කාරීත්වය අලුත් කරයි

- Advertisement -

ලොව ප්‍රමුඛතම ලොජිස්ටික් සමාගම වන DHL, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය තවත් වසර තුනක් සඳහා අලුත් කර තිබේ. කුසලතා හා නිපුණතා පුහුණු වැඩසටහන් මඟින් තරුණ ප්‍රජාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම කෙරෙහි මෙම හවුල්කාරිත්වයේ අවධානය යොමු කරයි.

දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ SOS ළමා ගම්මාන ජාත්‍යන්තර සංවිධානය යටතේ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන, මව්පිය රැකවරණය නොමැති දරුවන්ට සහ දෙමාපිය රැකවරණය අහිමි වීමේ අවදානමට ලක්වූ දරුවන්ට රැකවරණය සලසා දී ඇත. පිළියන්දල, ගාල්ල, නුවරඑළිය, අනුරාධපුර, මොණරගල සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි සිය ගම්මානවල 800කට අධික දරුවන් සංඛ්‍යාවකට SOS ළමා ගම්මාන විසින් රැකවරණය සලසනු ලබයි. SOS පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන තුළින් දෙමවුපියන්ගේ රැකවරණය අහිමි වීමේ අවදානමට ලක්ව සිටින ළමුන් 3,200කට අධික සංඛ්‍යාවකටද එය විසින් සහාය දෙනු ලැබේ.

මෙම හවුල්කාරිත්වය 2018 වසරේදී ආරම්භ වූයේ  ‘GoTeach’ නම් ගෝලීය වැඩසටහනක කොටසක් ලෙස වන අතර එය Deutsche Post DHL Group (DPDHL Group) සහ SOS ජාත්‍යන්තර ළමා ගම්මාන විසින් අභියෝගාත්මක සමාජ-ආර්ථික පසුබිම්වල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ රැකියා අවස්ථා ඉහළ නැංවීම සඳහා හඳුන්වා දෙනු ලැබිණි. එය ඉතා වටිනා සංවර්ධන වැඩසටහනක් වශයෙන් DHL Sri Lanka විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ අතර වයස අවුරුදු 15ත් 20ත් අතර තරුණ තරුණියන් ශ්‍රම බලකායට ඇතුළු වීමට සූදානම් වීමේදී තම පෞද්ගලික හා වෘත්තීය කුසලතා ඉහළ නැංවීම සඳහා නිර්මාණය කෙරිණි. එහි සමාරම්භක වැඩසටහන පිළියන්දල SOS ළමා ගම්මානයේදී පැවැත්විණි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් DHL Express මෙරට ප්‍රධාන කළමනාකරු දිමිත්‍රි පෙරේරා මෙසේ පැවසීය.

”මෙම අභියෝගාත්මක කාලයේ තරුණයින් වෘත්තීය ලෝකයට ඇතුළු වීමේදී අන් අය සමඟ කටයුතු කරන විට අවශ්‍ය විශ්වාසය හා සමාජ කුසලතා වර්ධනය කිරීමට අප ඔවුන්ට සහාය ලබා දෙනවා. අපගේ සහයෝගය අඛණ්ඩව පවත්වා ගෙන යාමට සහ තරුණ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.”

මේ වන විට DHL Sri Lanka ගාල්ල සහ පිළියන්දල SOS ළමා ගම්මානවල 50කට වැඩි තරුණ පිරිසකට ප්‍රතිලාභ සැලසෙන පරිදි පුහුණුව සම්පූර්ණ කර ඇත. අනුරාධපුර සහ නුවරඑළිය SOS ළමා ගම්මානවල තරුණ තරුණියන් සඳහා ඉදිරි මාසවල පුහුණුව ලබා දීමට නියමිතය. සහභාගිවන්නන් පුහුණු කිරීම සහ ඔවුන්ට සහාය දැක්වීම වැනි විවිධ පුළුල් ක්‍රියාකාරකම් මගින් මෙම වැඩසටහන ආවරණය වී තිබිණි. පුහුණු වැඩසටහන අදියර හතරකින් ආරම්භ කෙරුණු අතර රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය පුද්ගල පරිණතභාවය, සමාජීය හා රැකියා හඹායෑමේ කුසලතා පිළිබඳ බුද්ධිය සැකසීම වැනි අංග මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

සිය ජීවිත සාර්ථක කරගැනීමේදී සහ ඔවුන්ගේ රැකියා අවස්ථා පුළුල් කරගැනීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රධාන බාධක සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව සහායක් මෙම සැසිවාරය සඳහා සහභාගිවන්නන්ට ලැබිණි. උදාහරණ ලෙස පුද්ගල පරිණත සැසියේදී තරුණයින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහ ස්වයං දැනුවත්භාවය වැඩි දියුණු කිරීම ගැන ඉගෙන ගන්නා අතර ඔවුන් ශ්‍රම බලකායට ඇතුළු වන විට අන්‍යයන් සමඟ වැඩ කිරීමට අවශ්‍ය සමාජ කුසලතා සමාජ නිපුණතා සැසියේදී ලබා ගනී. රැකියා හඹායෑමේ සැසියේදී ඔවුන් වෘත්තීය සුදුසුකම් සහ සහයෝගීතා කුසලතා ලබා ගනී.

මෙම බාධක ජය ගැනීමට තරුණයින්ට සහාය වීම DHL Sri Lanka විසින් අන්තර්ක්‍රියාකාරී ක්‍රීඩා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් පවත්වනු ලබිය. එහිදී සහභාගිවන්නන් සහයෝගී කණ්ඩායම් වැඩ ගැන ඉගෙන ගැනීම සහ පුද්ගලික ඇගයීම, ඔවුන්ගේ නායකත්ව කුසලතා, ආතති කළමනාකරණය, පුද්ගලික මූල්‍ය කළමනාකරණය, ලිවීමේ හා සම්මුඛ පරීක්ෂණ කුසලතා, වැඩ කිරීමේ ආකල්ප සහ වෘත්තීය මාර්ගෝපදේශ වැනි දේ වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව දැනුවත් කෙරිණි.

මෙම තරුණ ප්‍රජාවන්ට ඔවුන්ගේ රැකියා සුදුසුකම් සහ සහයෝගීතා කුසලතා වැඩි දියුණු කිරීමටත්, ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමටත්, ආදර්ශවත් චරිත තුළින් වටිනා අත්දැකීම් බෙදා ගැනීමටත් DHL මැදිහත්වීමෙන් අවස්ථාව සලසා තිබේ.

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මෙසේ පැවසීය.”අපගේ SOS ළමා ගම්මානවල තරුණ තරුණියන් ශ්‍රම වෙළඳපොළට ඇතුළු වන විට හෝ වැඩිහිටි ස්වාධීන ජීවිතයකට එළඹීමේදී සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දෙනවා. DHL සහායෙන් ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා උපදේශනය සඳහා ප්‍රවේශය ලැබෙන අතර එමගින් ඔවුන්ට වඩා යහපත් හෙට දිනයක් ගැන සිහින දැක ගත හැකිය.”

DHL Sri Lanka සේවකයින් මෙම තරුණ තරුණියන්ට උපදේශන සේවා ලබා දුන් අතර තරුණ තරුණියන්ට උපදේශනය සඳහා  ඔවුහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. තෝරාගත් කර්මාන්ත වෘත්තිකයෝ තරුණ ප්‍රජාව දිරිගැන්වීම සඳහා සහභාගී වුහ.

ශ්‍රී ලංකාවේ DHL Global Forwarding හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ අලෙවිකරණ හා විකුණුම් අංශ ප්‍රධානී අහමඩ් උර් රහ්මාන් මෙසේ පැවසීය.

“මෙම වැඩසටහන DHL ස්වේච්ඡා සේවකයන්ගේ සහාය හා අත්දැකීම් තුළින් තරුණ තරුණියන්ගේ අනාගතය වැඩිදියුණු කිරීමට කදිම ආදර්ශමත් උල්පතකි. අප ඔවුන්ගේ ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙමු.”

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...