27 C
Colombo
Friday, April 19, 2024

දෝනි චෙන්නායි කිරුළ අතහරියි

- Advertisement -

ලොව අංක එකේ ප්‍රිමියර් ලීග් T20 තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම නායකයා ලෙස නම් දරා සිටි හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මෙවර තරගාවලියේදි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට අවස්ථා 14කදී ක්‍රියාත්මක වී ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම තරගාවලිය නියෝජනය නොකළ අවස්ථා 02දී හැර සෙසු අදියර 12 දීම එම කණ්ඩායම මෙහෙයවා ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනි විසින්.

IPL තරගාවලිය තුළ දෝනි චෙන්නායි සුපර් කින්ග්ස් සහ රයිසින් පුනෛයි සුපර් ජෙන්ට්ස් කණ්ඩායම් සඳගා තරග 204 කට නායකත්වය ලබා දී ඇති දෝනි ඉන් තරග 121ක් සිය කණ්ඩායම ජයග්‍රාහණය කරා මෙහෙයවා ඇත්තේ 59.60% ජයග්‍රාහී ප්‍රතිශතයක් පවත්වා ගනිමින්.

එමෙන්ම දෝනිගේ නායකත්වය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථා 04කදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනාගෙන තිබෙනවා.

මුලික වටයේ තරග අවසානයේ සුපිරි කණ්ඩායම් 4 සඳහා සුදුසුකම් ලැබු අවස්ථා 11ක් දැක්වෙන අතර ඉන් 09කදී දෝනි සිය කණ්ඩායම අවසන් මහා තරගය සඳහා රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනි සැලකෙන්නේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරග රටාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම නායකයා ලෙසයි.

RECENT ARTICLES - SINHALA

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...