32 C
Colombo
Friday, March 31, 2023

අරගලයට උදව් කළේ ඩයස්පෝරාව..! – දමිතා

- Advertisement -

අරගලය පවත්වාගෙන යෑමට උදව් කළේ ඩයස්පෝරාවෙන් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

ඒ, සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්

එහිදී ඇය පෙන්වා දෙන්නේ ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් පමණක් වන බවයි.

“ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මිනිස්සු තමයි අපිට මේ පහර ගහන්නෙ. සිංහල ඩයස්පෝරාව, දමිළ ඩයස්පෝරාව වගේම පිටරටවල ඉන්න අපේම ජනතාවටත් ඩයස්පෝරාව කියල තමයි කියන්නෙ.

මේ අරගලය අරගෙන යන්න අපිට උදව් කළේ ඒ මිනිස්සු. ඒක මට පුද්ගලිකව කරපු උදව්වක් නෙමෙයි. පිටරටවලින් වගේම ලංකාවේත් මේ ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපිට උදව් කළා. තවමත් ඒ දේවල් කරනවා”

ඩයස්පෝරාව යනු?

වර්තමානයේ ඩයස්පෝරා යන වචනය විවිධ අරුත් සහිත ව භාවිත කළ ද අතීතයේ දී එය නොයෙක් හේතු නිසා මවුරටින් පිට වී ජීවත්වන යුදෙව් ජාතිකයන් හැඳින්වීමට භාවිත කරන ලද්දකි. විසිවන සියවසේ දී මේ වචනය උපන් බිමින් පිටුවහල් ව ජීවත්වන ආමේනියානු සහ අප්‍රිකානු සම්භවයක් සහිත මිනිසුන් හැඳින්වීමට යොදා ගන්නා ලද බව ද නිරීක්ෂණය කළ හැකිය.

නමුත් 1980 දශකය වන විට රටින් රට සංක්‍රමණය වන පිරිස අධික වූ හෙයින් සෑම සංක්‍රමණිකයකු ම හැඳින්වීම පිණිස ඩයස්පෝරා යන වචනය පොදුවේ භාවිත කරන්නට පටන් ගෙන තිබේ. එසේම මේ යෙදුම ඉතා පටු රාමුවක සිට මෙන්ම සීමා මායිම් රහිත ව අර්ථ දැක්වීමෙන් ඉන් ධ්වනිත වන සැබෑ අරුත හඳුනා ගැනීමේ ගැටලුවක් පැන නැඟී ඇත.

ත්‍රස්තවාදි කණ්ඩායම්වල සාමාජිකයන් ඒ කණ්ඩායම් නාම සහිත ඩයස්පෝරා ලෙස හැඳින්වීමක් ලංකාවේ හැර වෙනත් තැනකින් අසන්නට නො ලැබේ. 

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...