30.5 C
Colombo
Wednesday, April 24, 2024

අපේ ගේ ඉස්සරහා මංතීරුවක් හැදුවට කවුරුවත් ඡන්දෙ දුන්නද? නෑ! – නාමල්

- Advertisement -

ඇවිදින මංතීරු ඉදිකරන්නේ ඡන්දයක් ඉල්ක්ක නොකර බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

රටේ ජනතාවගේ සෞඛ්‍ය හේතුන් මත ඒවා ඉදි කෙරෙන බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,

“අපිට සංවර්ධන සැලැස්මක් තියෙනවා පොළොන්නරුවේ හුදකලා සිදුවීමක් ඒ පිලිබදව විරෝධයක් තියෙනවා නම් යු.ඩී.එකට පුළුවන් තීරණයක් ගන්න. ඇවිදින මංතීරු හදන්නේ දේශපාලන උවමනාවක් මත නෙවෙයි හදන්නේ සෞඛ්‍ය හේතුන් නීර්දේශ මත රටේ ජනතාවට මානසික සහ කායික සුවය ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න.

ඇවිදින මංතීරු නිර්මාණය කරන්නේ ආණ්ඩුවට ඡන්දය ගන්න නෙවෙයි මංතීරු හදලා ඡන්දය ගත්ත ආණ්ඩුවක් නැහැ. දීපු කෙනෙකුත් නැහැ. අපේ ගේ ඉස්සරහා මංතීරුවක් හැදුවා කියලා ඡන්දය දුන්න කෙනෙක් ඉන්නවාද නෑ. කොළඹ මංතීරු හැදුවා එක්කෙනෙක් ඡන්දය දුන්නාද?”


RECENT ARTICLES - SINHALA

විල්ගමුව වෙළඳසැලක් ඉදිරිපිට තිබී ගිනි අවියක් හමු වෙයි

විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට ගිනි අවියක් තිබී සොයාගෙන තිබෙනවා. විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් හිමි කාන්තාවක් අද (24) උදෑසන සිය වෙළෙඳසැල විවෘතකළ පසු එය ඉදිරිපිට...

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. අද...

Breaking: දමිතාට හා සැමියාට ඇප

කොරියාවේ විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...