25 C
Colombo
Sunday, December 10, 2023

පොදු දේපල විනාශ කළේ ආණ්ඩුවේ හෙන්චයියො ද ?

- Advertisement -

මිරිහානේ පැවති ජනතා උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින්ම එම විරෝධතා තුලට ඇතුලත් කරන ලද කණ්ඩායම් විසින්දැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

උද්ඝෝෂණවලදී මෙවන් තත්වයන් ඇතිවීම ආණ්ඩුවට හිතකර බැවින් ඔවුන් එවැනි තත්වයක් ඇතිකරගැනීමට බලා සිටින බවත්
අත දරුවන් වඩාගත් මව්වරු, නිවෙසේ සිට පැමිණි වැඩිහිටියන්, දරුවන් බිරින්දෑවරුන් සමඟ පැමිණි ස්වාමිපුරුෂයන් උද්ඝෝෂණවලට පැමිණ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන බවත් ජ.වි.පෙ නායකයා පවසනවා.

පොදු ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයකට පහරදීමට හෝ බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ

මෙම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය උපකරණ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියාකරන අය පිළිබඳව මාධ්‍යයෙන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා බවත් ොහු පවසනවා.

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කරන විට ආණ්ඩුවට වාසිසහගත හා ආණ්ඩුව විසින් ඇතිකරන ප්‍රචණ්ඩකාරී තත්වයන් වළක්වාගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු බවත් උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී තත්වයකට වර්ධනය කරගැනීම තුළ ආණ්ඩුවට තමන්ගේ ‘කෝකටත් තෛලය’ වන හමුදා යාන්ත්‍රණය යොදාගැනීමට හැකියාව ලැබෙන බවත් අනුර දිසානායක මහතා සිහිපත් කර සිටිනවා.

මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අයට අත පය ඉදිරමන තරමට පහරදී ඇති බවත්, එක් තරුණයෙන් උණ්ඩ වැදී රෝහල්ගත කර තිබෙන බවත් කී අනුර දිසානායක මහතා මෙවැනි සාමාන්‍ය ජනතා උද්ඝෝෂණයකට පහරදීමකට අණ දුන්නේ ආරක්‍ෂක ඇමති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද නැතිනම් පොලීසිය භාර ඇමති සරත් වීරසේකර මහතා ද එසේත් නැතිනම් කවුද යන්න රටට කිව යුතු බව ද පවසනවා.

ඔවුන්ට තනතුරු ලැබී ඇත්තේ දුන්නේ පොදු පුරවැසියන් දකින දකින තැන පහරදෙන්නට නොවන බවත් ජ.වි.පෙ නායකයා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...