ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 3 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බවයි.
කෙසේවෙතත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් හෙට (18) සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව රාජිත රණසිංහ මහතා සඳහන් කළා.