24 C
Colombo
Sunday, December 10, 2023

සිංගප්පූරුවෙදි අර්ජුන මහේන්ද්‍රන් එක්ක දවල්ට කෑවෙ නෑ..! – රනිල්

- Advertisement -

ජපානයට යන අතරතුර සිංගප්පූරුවේ දී කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් සමඟ තමා දිවා ආහාරය ගත් බවට පැතිර යන කට කතාව අමූලික බොරුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

එදින තමා දිවා ආහාරය ගත්තේ Singapore Airlines එකෙන් බවත් අවශ්‍ය නම් එදා තමාගේ “මෙනු එක” ඉදිරිපත් කිරීමට හැකි බවත් ජනාධිපතිවරයා පවසනවා.

එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී අදාළ ප්‍රකාශය කිරීමත් සමඟ ජනාධිපති නිල කාමරයේ සිට සභා ගැබට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ඉහත ප්‍රකාශය කළේය.

එස්.එම් මරික්කාර් –

“ජපානයට යන ගමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය හයක් සිංගප්පූරුවේ හිටියා.පත්තරවල ගියේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හම්බ වුණා කියලා.නමුත් අපිට තියන වාර්තාව නම් ජනාධිපතිතුමා ජපන් යන ගමන් සිංගප්පූරුවේ බැහැලා දවල් කෑම කාලා තියෙන්නේ මහබැංකු කොල්ලට වගකිව යුතු පැනලා ගිහින් ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් එක්ක බව පැහැදිලිව කිව යුතුයි.”

රනිල් වික්‍රමසිංහ –

“මගේ නම සඳහන් කළා. මං අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා එක්ක සිංගප්පූරුවේ දී දවල් කෑම ගත්තා යැයි කිව්වා.කියන්න කැමතියි උදේ වරුවේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමති තුමා එක්ක උදේ කෑම ගත්තා.දවල් කෑම ගත්තේ සිංගප්පූරු එයාර් ලයින් එකේදි.මොකද මං දවල් එකට යන්න තිබුනේ. ඒ වෙලාවේ ගුවන් යානයට නැග්ගම කෑම ගත්තා. ඕන නම් මම මෙනු එකත් ගෙනත් පෙන්නන්නම්. මොනවද එදා කෑවෙ කියලා.

මරික්කාර් මන්ත්‍රීතුමා මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කිරීම ගැන මම කනගාටු වෙනවා. අනෙක් අතට මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා දැන් මැද පන්තිය එකතුවෙලා අරගලයට එන බව. විශාල අර්බුදයක් තියෙනවා, අරගලයක් එනවා කියා එතුමා කිව්වා. මේක මීට ඉස්සෙල්ලා කිව්වේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය. මං දැන් කැමතියි දෙදෙනාම එකම ප්‍රකාශයක් කරන එක ගැන. මම ඒකට එකඟ වන්නේ නැහැ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ අඩි පාරේ මරික්කාර් මන්ත්‍රීතුමා දැන් යන බව අපට පේනවා.”

එස්.එම්. මරික්කාර් –

“මම දැක්කේ නැති එකක් තමයි මම කිව්වෙ. මාධ්‍යයේ පළ වුණ එකක්”


RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...