32 C
Colombo
Sunday, March 16, 2025

මම කියපු දේ අහන් හිටියෙ නැද්ද? – ලොහාන් මාධ්‍යවේදි‍යෙකුට සැරවෙයි

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට පැමිණියා.

ඒ වැලිකඩ සහ අනුරාධපුර යන බන්ධනාගාරවල සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයට අදාලවයි.

පිටතට පැමිණ මාධ්‍ය ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමා පෙරේදා දින පැමිණ කට උත්තරයක් දුන් බවත් එය නැවත කියවා අත්සන් කිරීමට අද දින පැමිණි බවත් ය.

ස්වාධින පරීක්ෂනයක් සිදුවන අවස්ථාවේ තමාට වෙනත් කිසිවක් මාධ්‍ය වෙත පැවසීමට නොහැකි බවත් තමා බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූයේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට ඉඩ ලබා දෙමින් බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් මාධ්‍යවේදීන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු දැඩි ස්ව‍රයකින් මාධ්‍යවේදීන්ට “මං කියන දේ අහන් හිටියෙ නැද්ද? මං පෙරේදා ඇවිත් කට උත්තර දුන්නා. ඒක නැවත කියවලා බලලා අත්සන් කරන්න තමයි ආවේ” යැයි පවසා සිටියා.

කෙසේ නමුත්, අදාල පරීක්ෂණය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාව කැඳවා මේවන විට මසක් පමන ගත වී ඇති අතර ඊයේ දින කැඳවීමට අදාලව අසනීපයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට පැමිණීමට නොහැකි බවත් වෙනත් දිනයක් ලබාදෙන ලෙස දන්වා ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ වන විටත් දාල සිදුවීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බන්ධනාගාර නිළධාරීන් සහ සිද්ධියට මුහුණ දුන් සිරකරුවන් කැදවා මේ වනවිටත් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව පැවසෙන්නේ.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී සැප්තැම්බර් මස 12වනදා තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සැප්තැම්බර් මස 15වනදා ප්‍රකාශ කර සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන්ද විවේචන එල්ල වූ නමුත් ​පසුව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමා එවැන්නක් සිදු නොකළ බවයි.

කෙසේ නමුත් පසුගිය මස 17වනදා මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ‍යම් කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය සහ විපක්ෂයේ දේශපාලඥයන් චෝදනා කළ බවත් ඒ චෝදනාව පිළිබඳව සිදුවන පරීක්ෂණයට සහය දීමේ අවශ්‍යතාවය මත එම පරීක්ෂණය අවසන් වෙනතෙක් ලොහාන් ‍රත්වත්තේ විසින් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES