ඉදිරි දින දෙක තුළ තවත් ඩීසල් තොගයක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බවයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මීට අමතරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ද ලබන 27 සහ 29 යන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
අදාළ නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,000ක තොගයක් පවතින බව වාර්තා වනවා.
මේ අතර දිවයිනට පැමිණි සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවේ ගොඩබෑම් කටයුතු අද (25) දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.