28 C
Colombo
Wednesday, April 17, 2024

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගෑස් සිලින්ඩර ගැන බොරු කියයි

- Advertisement -

මෑත කාලීනව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසනවා.

එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සදහන් කරන්නේ ගෑස් පද්ධතියට අදාල කිසිවක් නොවෙනස්ව පවතින තත්ත්වයකදී ගෑස් සිලින්ඩරය තුළ ඇති ගෑස් සංයුතිය පමණක් වෙනස්ව ඇති බව සිය විද්වත් කමිටුව අනාවරණය කරගත් බවයි.

කෙසේවෙතත් ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම් හා ගිනි ගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පොලිස්පතිවරයා පත්කළ නිලධාරියා වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ ගෑස් සංයුතියේ වෙනසක් සිදුව ඇති බවට සිය විමර්ශනවලදී අනාවරණය නොවූබවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඒ මහතා සඳහන් කළේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව පිපිරීම් වාර්තා වූ පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් මාසයට අදාලව ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර ලක්ෂ 28 කුත් ලාෆ්ස් සමාගම ගෑස් සිලින්ඩර දෙලක්ෂ අසූදහසක් ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි.

එම ගෑස් සිලින්ඩරවල ගෑස් සංයුතියේ වෙනසක් පැවතුනේ නම් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් ලක්ෂ 28ක් වාර්තා විය යුතුව තිබුනද එම කාලයේ ලිට්‍රෝ සිලින්ඩර ආශ්‍රිතව වාර්තා වූයේ සිදුවීම් 796 ක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙනවා.

එම සිදුවීම් ලිට්‍රෝ සමාගම නිකුත් කල ගෑස් සිලින්ඩර ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 0.02% ක් පමණක් බව ඒ මහතා පවසනවා.

එමෙන්ම ලාෆ්ස් ගෑස් සමාගම නිකුත් කල ගෑස් සිලින්ඩර දෙලක්ෂ අසූදහස අතරින් ගෑස් සිලින්ඩර 50 ක් ආශ්‍රිතව පමණක් සිදුවීම් වාර්තා වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 0.01% ක් ප්‍රමාණයක් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් ගෑස් සංයුතිය නිසා මෙම පිපිරීම් සිදුවන බව නිගමනය කරන්නේ නම් එම කාලය තුළ ගෑස් සමාගම් නිකුත් කරන ලද මෙම ගෑස් සිලින්ඩර ප්‍රමාණයට සාපේක්ෂව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව පිපිරීමේ සිදුවීම් අවම වශයෙන් ලක්ෂ එකහමාරක් හෝ දෙකක් වාර්තා විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළා.

අදාළ සමාගම් සාපරාධී අපරාධයක් සිදුකිරීමේ වුවමනාවෙන් හෝ අපරාධමය නොසලකා හැරීමක් ලෙස ගෑස් සිලින්ඩර සංයුතිය වෙනස් කර ඇති බවට කිසිදු කරුණක් අනාවරණය නොවූ බව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයන්ගෙන් අනාවරණය වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

එබැවින් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වාදෙන්නේ.

මේ අනුව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම පවසන කරුණුවලට හාත්පසින් පරිබාහිර පැහැදිලි කිරීමක් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සෙවීමට පොලිස්පතිවරයා පත්කළ නිලධාරියා වන නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කිරීම රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...