30 C
Colombo
Sunday, December 3, 2023

දිලිත්ට පිස්සු පීකුදු – නාමල් රාජපක්ෂ

- Advertisement -

නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පෙරළා ප්‍රශ්න කිරීම මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

සමාජ මාධ්‍ය අවහිර කර තිබෙන පරිසරයකදී සමාජ මාධ්‍ය උණුසුම්වීම විශේෂත්වයක්.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාද වන නාමල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බවයි.

මීට ප්‍රතිචාර දක්වමින් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ප්‍රශ්න කර ඇත්තේ “ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා ඔබ නොවන්නේද?” යන්නයි.

“මෙම ගැටළුව ඔබගේ බාප්පාට (ගෝඨාභය රාජපක්ෂ) පැවසිය නොහැකිද?” ලෙසද දිලිත් ජයවීර මහතා ප්‍රශ්න කර තිබෙනවා.

මීට යළිත් පිළිතුරු ලබාදෙමින් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ “මම මේ වන විටත් මගේ විරෝධතාවය ඉදිරිපත් කළා. ඇයි ඔබ ඔබේද හොඳ යහළුවෙකු වන මගේ බාප්පාට මේ ප්‍රශ්නය ගැන කතාකරන්නෙ නැත්තේ?” ලෙසයි.

එයට පිස්සු පීකුදු ලෙස හෑෂ්ටැගයක්ද සටහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

බඹර ප්‍රහාරයකින් ගම්පොළ උණුසුම් වෙයි

සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේල්දෙල්තොටදී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...