25 C
Colombo
Saturday, February 15, 2025

දිමුත් ක්‍රිකට් පිටියට සමුදෙයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ දක්ෂතම ආරම්භක පිතිකරුවෙකු මෙන්ම හිටපු නායක දිමුත් කරුණාරත්න ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන වෝන් – මුරලි දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

එම තරගය අනිද්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගයේ තවත් විශේෂත්වයක් වන්නේ, දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100 වෙනි ටෙස්ට් තරගය මෙය වන නිසාවෙන්.

‘Daily FT’ වෙත අදහස් දක්වමින් කරුණාරත්න පවසා ඇත්තේ, තමා සියලු මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ලබන මාස සිය පවුල සමඟ විදෙස්ගත වීමට අදහස් කරන බවයි.

36 හැවිරිදි දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති අතර, මේ දක්වා ලකුණු 7,172ක් රැස්කර තිබෙනවා.

ඔහු ටෙස්ට් තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 244ක්.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...