26 C
Colombo
Friday, March 29, 2024

දිමුත් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි

- Advertisement -

ලබන අප්‍රේල් 16 වනදා අයර්ලන්ත කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත් වෙන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නවසීලන්තය සමඟ අද (20) පැවැති දෙවන ටෙස්ට් තරඟය පරාජය වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් තමා තේරීම් කමිටුව සමඟ සාකච්ඡා පවත්වා ඇති නමුත් තේරීම් කමිටුවෙන් තමාට අවසන් පිළිතුරක් ලැබී නොමැති බවයි දිමුත් කරුණාරත්න සඳහන් කළේ.

“මම තේරීම් කමිටුවත් එක්කත් කතා කරා අයර්ලන්ත තරගාවලියෙන් පස්සේ කණ්ඩායමේ නායකත්යෙන් ඉවත් වෙන්න. මොකද ඊළග චක්‍රය (ලෝක ටෙස්ට් ශූරතාවලියේ) වසර දෙකක් ක්‍රීඩා කරන්න ඕනෙ චක්‍රයක්. ඉතිං මම හිතනවා නව නායකයෙක් පත් කරලා ඒක කරොත් ගොඩක් වෙලාවට හොදයි කියලා. මොකද මම ඒකෙන් භාගයක් කරලා ඔහුගෙ අතට දෙනවට වඩා ඔහුම මුල ඉදල ඒක කරගෙන යන එක හොදයි.

ඉතිං තේරීම් කමිටුවත් එක්කත් සාකච්ඡා කරා, තාම මට හරියට උත්තරයක් ලැබුණේ නැහැ. ඉතිං මම කිව්වා ඊළග තරගාවලියත් කරලා ඊට පස්සේ අලුත් චක්‍රයේ දී දෙන්නම් කියලා. තාම මට හරියට ඒ පැත්තෙන් උත්තරයක් ආවේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඉතිං ඒක එනකම් බලාගෙන ඉන්නවා. නමුත් මගේ කල්පනාව තියෙන්නේ ගොඩක් වෙලාවට ඊලග තරගාවලියෙන් පස්සේ අලුත් නායකයාට අවස්ථාවක් ලබා දෙන්න.”

2019 වසරේ පැවැති දකුණු අප්‍රිකා තරඟ සංචාරයේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ලබාදුන් දිමුත් එතැන් සිට මේ දක්වා තරඟ 26කදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වය ලබාදී තිබෙනවා.

එහිදී පිතිකරුවෙකු ලෙස දිමුත් ඉනිම් 46කදී ලකුණු 2242ක් වාර්තා කර ඇති අතර ශතක 6ක් හා අර්ධ ශතක 12ක් සමඟින්.

ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙස ලකුණු 244ක් වාර්තා කළ දිමුත් නායකයෙකු ලෙස පිතිකරණයේ දී 47.70ක සාමාන්‍යයෙන් සටහන් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව දිමුත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 26න් තරඟ 10 ජයගෙන තරඟ 10 පරාජයට පත්ව ඇති අතර ජය පරාජයෙන් තොරව නිමාවූ තරඟ 6කි.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 16 වැනිදා ආරම්භ වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ අප්‍රේල් 24 වැනිදායි.

තරගාවලියේ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...