බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග එළඹෙන 21 වනදා ආරම්භවීමට නියමිතව ඇති තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
යොවුන් ක්‍රීඩකයින් වන චරිත් අසලංක, චාමික ගුණසේකර , සුමින්ද ලක්ෂාන් හා කමිල් මිෂාර එලෙස ටෙස්ට් සංචිතයට කැඳවා අති නවක ක්‍රීඩකයින් වනවා.
එමෙන්ම කලක් පිටියෙන් ඉවත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් ද මෙම සංචිතයට කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත් ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න මෙම ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් වී ඇත්තේ සිය් පෞද්ගලික හේතුවක් මතයි.
පසුගිය සමයේ සීමිත පන්දුවාර තරඟවලදී දක්ෂතා අතර සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නද යළි කැඳවා ඇති අතර මීට පෙර පැවති කොදෙව් සංචාරයේදි ආබාධයකට ලක්වු ලසිත් ඇඹුල්දෙණිය කලකට පසු ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.
නම් කරන ලද ක්‍රීඩකයින් 22 කින් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිය පහතින්,
දිමුත් කරුණාරත්න ( නායක ) , ඇන්ජලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් , සුරංග ලක්මාල් , විශ්ව ප්‍රනාන්දු , ලහිරු කුමාර , අසිත ප්‍රනාන්දු , ප්‍රවීන් ජයවික්‍රම , මිනෝද් භානුක ,පැතුම් නිශ්ශංක , ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා , චාමික කරුණාරත්න , සුමින්ද ලක්ෂාන් , දුෂ්මන්ත චමීර , චරිත් අසලංක , ඕෂධ ප්‍රනාන්දු , ලක්ෂාන් සඳකැන්, චාමික ගුණසේකර , ලසිත් ඇඹුල්දෙණිය , කමිල් මිෂාර , රමේෂ් මෙන්ඩිස්
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය එළඹෙන 21 වනදා ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.