23 C
Colombo
Friday, February 14, 2025

පිටියෙන් සමුගත්ත දිමුත් ඔස්ට්‍රේලියාවට‍

- Advertisement -

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු තමන් පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, ඊට අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට යාමේ සූදානමින් සිටින බව දිමුත් කරුණාතරන් පවසනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට (06) ගාල්ලේදී ක්‍රීඩාකරන තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ටෙස්ට් තරඟය පිළිබඳ අදහස් දක්වමින් දිමුත් මේ බව කියා සිටියා.

මෙය දිමුත්ගේ 100වන ටෙස්ට් තරඟයද වන අතර එය ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකරන අවසන් තරඟය වනු ඇති.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ දිමුත් කරුණාරත්න:

“මම ක්‍රිකට් නැවැත්තුවාට පසුව පුහුණුකරුවෙකු වෙන්න සුදුසුකම් හදාගන්න තීරණය කරලා තියෙනවා. පුහුණුකරුවෙකුට ලෙවල් 2, 3, 4 සුදුසුකම් සම්පූර්ණ කරගන්න තියෙනවා. ඉන් ලෙවල් 2,3 ඔස්ට්‍රේලියාවේදී හදාරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට්වලම ගොඩක් කාලයක් හිටපු නිසා ඉන් ටිකක් මිදිලා අම්මලා තාත්තාලා එක්ක එහෙ (ඔස්ට්‍රේලියාවේ) ජීවිතය ගෙවන්න කැමතියි. ඉන් පසු මම තීරණය කර තිබෙනවා මගේ දැනුම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හෝ වෙනත් රටක ක්‍රිකට් දියුණු කරන්න ලබාදෙන්න. අවුරුදු 3,4කට පස්සේ මම පුහුණුකාරිත්ව පැත්ත ලොකුවට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා”.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES