මෙවර ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුදලින් ත්‍යාග ලබාදීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 106.625 ක මුදලක් වෙන් කර ඇති අතර එම විශේෂ කැබිනට් පත්‍රිකාව අනුමත කර ඇත්තේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව බවයි වාර්තා වන්නේ.
2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වූ අතර ඔහුට රුපියල් මිලියන 50ක් (කෝටි 5ක්) හිමිවනවා.
එමෙන්ම ඔහුගේ ලෝක වාර්තාව වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 10ක් (කෝටි1ක්). ඒ අනුව පැරාලිම්පික් රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට පමණක් කෝටි 07ක මුදලක් ත්‍යාග වශයෙන් ලැබී ඇත.
F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර ඔහුට රුපියල් මිලියන 20ක් හිමිවනවා.
අනෙකුත් ත්‍යාග මුදල් බෙදී යන ආකාරය මෙසේයි,
4 වන – 8 වන ස්ථානය – රුපියල් මිලියන 2.5
9 – 16 ස්ථානය – රුපියල් මිලියන 1 (x4)
පුහුණුකරුවන් – රුපියල් මිලියන 19.125
මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිනේෂ් ප්‍රියන්තට මිලියන 10ක් (කෝටි 1ක්) සහ සමිත දුලාන්ට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ද ලබා දීමට නියමිතබවත් වාර්තා වනවා.
තවද, ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන්ට මෝටර් රථ 02ක් ප්‍රදානය කිරීමද ඊයේ (07) දින සිදුවිය.
මෙහිදී අදහස් දක්වමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා පැවසුවේ ඔවුන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙලෙස නවීන මොටර් රථ දෙකක් පරිත්‍යාග කළ බවයි.