24 C
Colombo
Thursday, February 13, 2025

ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

- Advertisement -

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි.

ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු මහනුවර – මහියංගණය මාර්ගය යළි විවෘත කර ඇති බව වාර්තා වනවා.

පස්කදු සහ ගල්කඩා වැටීමේ  අවදානමක් හේතුවෙන් මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය ඊයේ පස්වරු 6 සිට මහනුවර, තැන්නෙකුඹුර හන්දියෙන් සහ හසලක, පාලම හන්දියෙන් වසා තැබීමට පියවර ගනු ලැබුවා.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, ඒ හේතුවෙන් වලපනේ සිට හගුරන්කෙත හරහා මහනුවරට ගමන් ගන්නා මාර්ගය වසා දමා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES