අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම අයහපත් කලගුණික තත්වය සමඟ මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.
මේ වනවිට පවුල් 142,624 ක පුද්ගලයින් 479,871 ක් අවතැන් වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත පෙන්වා දෙනවා.
නිවාස 103 ක් සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 2,635 ක් අර්ධ හානි වී තිබෙනවා.
පවුල් 8,470ක පුද්ගලයින් 27,517ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.