27 C
Colombo
Wednesday, May 18, 2022

සරත්ට සහ ලොකුගේට එරෙහිව හඬ නැගූ ජගත් කුමාරට විනය පියවර

- Advertisement -

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් ජගත් කුමාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් කැදවමින් සිදුකළ ප්‍රකාශය පදනම් කරගනිමින් මෙම ඉල්ලීම කළ බවයි සරත් වීරසේකර මහතා පවසන්නේ

මේ අතර, මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තම පක්ෂයේම කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සම්බන්ධයෙන් විනය කමිටුව රැස්වී සුදුසු පියවරක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඉතාලියේ සංචාරයක යෙදී සිටින අගමැතිවරයා මෙරටට පැමිණි පසු විනය කමිටුව රැස් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ

පාදුක්ක කොට්ඨාශයේ පොලිස් ස්ථානාධිපති ඉවත්කොට ඒ වෙනුවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ හිතවතෙකුව ස්ථානාධිපති කොට ඇති බවත් දින 10ක් ඇතුළත තමා පීඩාවට පත්වී ඇති ගැටලුවලට විසඳුමක් නොලැබුණහොත් ඉල්ලා අස්වීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පසුගිය 17වනදා මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...