24.5 C
Colombo
Tuesday, June 17, 2025

ලංකාවේ ලොකුම ඖෂධ මාෆියාව ගැන අනාවරණයක්

- Advertisement -

ලංකාවේ ලොකුම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමාගම් සමඟ එකතු වී සෞඛ්‍ය ලේකම්ගේ තීරණ වෙනස් කිරිමට තරම් මෙම මාෆියාව විශාල වී ඇති බව අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රවී කුමුදේශ් මහතා පවසා සිටියා.

ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නිෂ්පාදනය කරනවා යැයි බොහෝ අය සිතා සිටියද සෑබෑවින්ම සිදු වන්නේ වැඩිපුර ලේබල් ගහන එක පමණක් බව ඔහු සඳහන් කළා.

රවි කුමුදේශ් මහතා මෙහිදී කියා සිටියේ ඖෂධ සංස්ථාව වසරකට ඇනවුම් තුන්සියයක් පමණ භාරගත්තද එහි දෙසීයකට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් වලින් ගෙන ලේබල් අලවන ඒවා බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකරමින් කියාසිටියේ,

“ දේශීය නිෂ්පාදකයන් කැඳවලා සෞඛ්‍ය ලේකම්වරයා ගත්ත තීන්දුවල සාධනීය බවක් තිබෙනවා. දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා සමාගම් අතර තරගයක් ඇති කරන එක සියලු සෞඛ්‍ය පරිපාලකයන්ගේ වගකීමක්. ඒක ඉටු කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ හරහා මේ වසරට පමණක් සෞඛ්‍ය ලේකම්වරයා බිලියන 16ක පමණ ඉතුරුවක් කරලා තිබෙනවා. ඇතැම් අය මේක විවේචනය කරමින් කියන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පගා ගහපු බවක්. නමුත් එක ඖෂධයකවත් මිල වැඩි නොකර, සමස්ත වියදම විශාල ප්‍රමාණයකින් අඩු කර ගත්ත තීරණයක් හරහා පගා ගහන්නේ කොහොමද. පගා ගැහුවත් ඒක ජනතාවට අවාසි නැහැ. ඖෂධවල ගුණාත්මක තත්ත්වය වැඩි කිරීමට සහ වැය බර අඩු කිරීමට ලොව පුරා අනුගමනය කරන එකම ක්‍රමය සමාගම් අතර තරගකාරීත්වය වැඩි කිරීමයි. ඖෂධ මාෆියාව කියන්නේ, ඒකට විරුද්ධව ඒකාධිකාරය සාදා ගැනීම සඳහා නිලධාරීතන්ත්‍රය සහ නියාමන ආයතන හසුරවා ගැනීමයි. ඖෂධ මාෆියාව ස්ථාවර කරන්න සමහර අය නොදැනුවත්ව කතා කරන බව පේන්නට තිබෙනවා. දේශීය සමාගම්වල මිල තීරණය කිරීමේදී සුපිරි සමාගම් වලට එක මිල කමිටුවක් සහ එහෙම නොවන සමාගම් වලට තව මිල කමිටුවක් ඇති කිරීම 2017 වර්ෂයේ දී ගත්ත වැරදි තීන්දුවක්. දේශීය සමාගම් රැක ගැනීම සඳහා ආරම්භක සමයේදී එය අවශ්‍ය වුණත්, දැන් ඔවුන් වෙළඳපොළ තරඟයට මුහුණ දිය හැකි තරමට වැඩි දියුණු වී සිටිය යුතුයි. ඔවුන්ට වැඩි මිලක් තීරණය කරන්නට ඉඩ ලබා දී, මහජනතාවට අවාසී කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකළ යුතුයි. අභිලාෂ කැඳවීම හරහා සෞඛ්‍ය ලේකම්වරයාගේ නව තීරණයට පෙර, පසුගිය වසර තුළ මීට සමාන ඖෂධ ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා බිලියන 54ක පමණ මුදලක් වැය කර තිබෙනවා. මෙම නවතීරණය සමඟ ඒ සඳහා වැය වන්නේ බිලියන 38කට වඩා අඩු ප්‍රමාණයක්. රුපියල් 12000/- ක පමණ මිලකට සැපයූ ඇතැම් ඖෂධ, මෙම නව තීරණයත් සමඟ රුපියල් 750ක වැනි මුදලකට සැපයීමට ඇතැම් සමාගම්වලට සිදුවෙලා තිබෙනවා. සියලුම ඖෂධ කලින් වසරේ ගත් මිලට වඩා අඩු මිලට ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම නව තීරණය හේතුවෙලා තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ වෙනස් විය යුතු තීරණයක්, වෙනස් කරන්නට යන මොහොතේ සියලු දෙනාගේ සහයෝගය ඊට ලැබිය යුතුයි.මොන ජනාධිපතිවරයා පත්වුණත්, මෙම තීරණය ලංකාවේ ඖෂධ මාෆියාව වැළැක්වීම සඳහා ගතයුතු තීරණයක් වන බැවින්, දේශපාලනික කාරණාවක් ලෙස ඊට බාධා නොකරන ලෙස, අපි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...