29 C
Colombo
Saturday, January 18, 2025

ජේජු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් ගත් දත්ත ගැන අනාවරණයක්

- Advertisement -

මගීන් 179කට ඉකුත් දා දිවි අහිමි කරමින් කඩා වැටුණු ජෙජු එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයේ ගුවන්යානයේ කළු පෙට්ටියක දත්ත ලබා ගැනීම විමර්ශකයින් අවසන් කර ඇති බව දකුණු කොරියාවේ ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ ගුවන් යානයේ නියමු කුටියේ හඬ රෙකෝඩරයේ දත්ත මේ වන විට ශ්‍රව්‍ය ගොනුවක් බවට පරිවර්තනය කර ඇති බවත්, දෙවැනි කළු පෙට්ටියේ පියාසර දත්ත රෙකෝඩරයක තීරණාත්මක අංගයක් නොමැති වීමෙන් දත්ත වෙත ප්‍රවේශ වීමට වැඩි කාලයක් ගතවනු ඇති බවයි.

එම දත්ත විමර්ශනය ගුවන් යානයේ දත්ත සහ හඬ පටිගත කිරීම්, ඛේදවාචකයට තුඩු දෙන තීරණාත්මක අවස්ථාවන් පිළිබඳ අවබෝධයක් ලබා දෙනු ඇති බවත් විමර්ශකයින් බලාපොරොත්තු වනවා.

මේ සම්බන්ධයෙන් දකුණු කොරියානු සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජෝ ජොන්ග් වැන් (Joo Jong-wan) පවසා ඇත්තේ, දැනට තීරණාත්මක සම්බන්ධකයක් අතුරුදහන්ව ඇති පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය විකේතනය කිරීමේ හොඳම ක්‍රමය විමර්ශකයින් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ අතර ජෙජු එයාර් ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයට සම්බන්ධ වීමට එක්සත් ජනපද ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් මුආන් (Muan) වෙත පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES