27 C
Colombo
Wednesday, March 19, 2025

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්

- Advertisement -

පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යාම සහ වෘත්තිකයින් සංක්‍රමණය වීම හේතුවෙන් පළපුරුදු පිරිස් අහිමි වීම හරහා ව්‍යාපාරවල ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම තුළ එය ඵලදායීතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇතිකිරීමට හේතුවනු ඇති බවයි මහ බැංකුව පෙන්වාදෙන්නේ.

2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබෙනවා.

දේශීය හා ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමනය සහ ආර්ථික වර්ධන පුරෝකථන  සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීම එම වාර්තාවෙන් අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව පෙන්වාදෙනවා.

ඒ අනුව කාර්මික නිෂ්පාදනය හා ආහාර සැකසුම් අංශ මෙන්ම විදුලි උත්පාදනය වැනි අංශ, දේශගුණික විපර්යාසයන්වල බලපෑමට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මැදි කාලීනව එවැනි සිදුවීම් මෙරට ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව මහ බැංකු මුදල් ප්‍රතිපත්ති අදාළ වාර්තාවෙන් සඳහන්.

මීට අමතරව විදේශීය අංශයේ කාර්ය සාධනය කෙරෙහි ගෝලීය අවිනිශ්චිතතා, විශේෂයෙන් අමෙරිකාවේ දේශපාලන වෙනස්කම් මත ඇතිවන තත්ත්වයන් හේතුවෙන් බලපෑම් සිදුවිය හැකි බව ද ඔවුන් පවසනවා.

මහ බැංකුව පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාවේ විදේශ අංශයට තීරණාත්මක වන ගෝලීය වෙළෙඳාම, ආයෝජන, ප්‍රාග්ධන ප්‍රවාහ, ආර්ථික වර්ධනය සහ උද්ධමනය යන අංශයන්හි උච්චාවචන ඇතිවීමට අමෙරිකාවේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවිය හැකි බවයි.

මේ අතර 2025 වසරේ ජනවාරි සමීක්ෂණයට අනුව රජයේ වියදම් සහ වැටුප් වැඩිවීම්, පුද්ගලික භාවිත වාහන ආනයන තහනම ලිහිල් කිරීමත් සමඟ රුපියල අවප්‍රමාණය වීම, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම සහ උත්සව මාසවල ඉහළ ඉල්ලුම යනාදි කරුණු හේතුවෙන් ඉදිරි මාස 03 සිට දිගු කාල සීමාවක් දක්වා අපේක්ෂිත උද්ධමනය ක්‍රමානුකූලව ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකි බව ද මේ වසර සඳහා ඉදිරිපත් කළ සිය පළමු මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු...