32 C
Colombo
Friday, April 19, 2024

ප්‍රංශ තානාපතිවරයා නෙරපීම ගැන පකිස්තානය දෙගිඩියාවෙන්

- Advertisement -

සිය රටේ ප්‍රංශ තානාපතිවරයා නෙරපා හැරීම සම්බන්ධයෙන් පකිස්තාන ආණ්ඩුව මහත් දෙගිඩියාවට පත්ව සිටින බව වාර්තා වේ.

පකිස්තානය තුළ තහනම් සංවිධානයක් වන තරෙක් ඊ ලබායික් සංවිධානය ප්‍රංශ තානාපතිවරා නෙරපා හැරිය යුතු බව සදහන් කරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ පකිස්තාන ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් එල්ල කර ඇති මෙම උද්ඝෝෂණය නවතා ගැනීම සම්බන්ධයෙන් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂීක් රෂීඩ් තහනම් තරෙක් ඊ ලබායික් සංවිධානයේ නායක සාඩ් රිස්වි සමග සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි.

එ⁣හෙත් මෙම සාකච්ඡාවේදී ද තරෙක් ඊ ලබායික් සංවිධානය සිය ඉල්ලීම වෙනස් කිරීමට සූදානම් වී නොමැති බව පැවසේ.

මේ හේතුවෙන් පකිස්තාන ආණ්ඩුව මහත් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකරෝන් ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අනුමත කිරීම හේතුවෙන් පකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා නෙරපා හැරිය යුතු බව පවසා තරෙක් ඊ ලබායික් සංවිධානය මාස ගණනාවක සිට මෙම දැවැන්ත විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අපරාධ කරලා හැංගිලා ඉන්න පුළුවන් සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට...

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...