27 C
Colombo
Sunday, June 26, 2022

පොහොරත් නොගෙන චීනෙට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න මහින්දානන්ද සූදානමෙන්

- Advertisement -

දූෂිත බවට අනාවරණය වූ චීන කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් මතුව ඇති ආරවුලෙන් ‘ගොඩින් විසඳා ගැනීමට’ රජය තීරණය කර ඇති බව ‘Sunday times’ පුවත්පත වාර්තා කරනවා.

චීන සමාගමට අය විය යුතු මුදලින් සියයට 75ක මුදලක් ගෙවා ආරවුල විසඳීමට රජය සූදානම් වෙමින් සිටින බවත් මෙම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් බවත් පුවත්පත වාර්තා කරනවා.

කෙසේ නමුත් විශේෂිතම කරුණ වන්නේ එම සමාගමෙන්ම නැවතත් පොහොර තොග මිලදී ගැනීමට ද රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබීමයි.

“මෙම ප්‍රශ්නය පදනම් කරගෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු කිරීමට අපට හැකියාවක් නෑ,” යැයි අමාත්‍යවරයා පවසනවා.

දැනට පවතින ගැටළුකාරී තත්වය වන්නේ වලංගු බලපත්‍රයක් නොමැතිව අදාල පොහොර නැව නැව්ගත කළ බවට ශ්‍රී ලංකාව පවසන අතර, ණයවර ලිපිය විවෘත කළ බැවින් නෞකාව මෙරටට පැමිණ ඇති බව චීන සමාගම අවධාරණය කිරීමයි.

අදාල පොහොට තොගය නැවත රැගෙන ගොස් නිසි ලෙස පරීක්ෂා කළ නව පොහොර තොගයක් එවීමට සමාගම එකඟ වී ඇති බව අමාත්‍යවරයා පවසනවා. “සාකච්ඡා සාර්ථක නම්, ඊළඟ නැව්ගත කිරීමේ ගාස්තුවලින් සියයට 50 ක් බෙදා ගැනීමට අපි කැමතියි.” යැයිද අමාත්‍යවරයා පවසනවා.

මාසයකට වැඩි කාලයක් පැවති ආරවුල නිරාකරණය කර ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බවත් ඔහු පවසනවා.

මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 446ක මිලකට මිලදී ගැනීම සඳහා ඇණවුම කර ඇති බවත්, මේ වනවිට එම මිල ඇමෙරිකානු ඩොලර් 900කට වඩා ඉහළ ගොස් ඇති බවත්, එම නිසා ගිවිසුම අවලංගු කිරීම අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත සමථය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.

මේ අතර, ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ පොහොර තොග පරීක්ෂා කිරීමටද ප්‍රථමව හදිසියේ ණයවර ලිපි විවෘත කළ පුද්ගලයා සොයාගත යුතුව ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...