25 C
Colombo
Saturday, December 9, 2023

මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා

- Advertisement -

වර්ෂාවත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක මාර්ග රැසකට පස්කඳු සහ ගල් පෙරලී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මහනුවර මඩොල්කැලේ ප්‍රධාන මාර්ගය පස්කඳු කඩා වැටීමෙන් තවදුරටත් ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවට වාර්තා වනවා.

පාලමක් කැඩී යාම හේතුවෙන් හතරලියද්ද දුම්කුඹුර මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් පොල්වත්ත, මාවතගම, මිණිගමුව ඇතුලු ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවයට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව නායයෑමේ අවධානමක් පැවතීම හේතුවෙන් ස්ථාන කිහිපයක අනාරක්ෂිත අන්දමින් රැදී සිටි පවුල් කිහිපයක් එම ස්ථානවලින් ඉවත් කළ බව මහනුවර දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...