ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ, මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලිපැනීමට ලක්වීම හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇති බවයි.
මෙහිදී දුම්රිය මැදිරි රාගම – මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයටද බාධා එල්ල වී ඇති බව රාගම පොලිසිය සඳහන් කළා.