30.6 C
Colombo
Thursday, April 25, 2024

පොලිස් ලොකු පුටු පුරප්පාඩුවකට සුදුස්සාව ප්‍රාදේශීය සභාපති හිමියන් මුදල් ඇමතිට කියයි

- Advertisement -

බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ පුරප්පාඩුව සඳහා තමා පුද්ගලිකව දන්නා පොලිස් නිලධාරියෙකු පත් කරන ලෙස ඉල්ලමින් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමියන් විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

හපුතලේ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලබන ඕ.ඒ. සාගර රොහාන් දයාරත්නව බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ පිහිටුවන ලෙස තමා ජනතා නියෝජිතයෙකු ලෙස යෝජනා කරන බවයි ඔහු එම ලිපියෙන් මුදල් අමාත්‍යවරයාට පවසන්නේ.

තමාගේ ඉල්ලීම සලකා බලා අදාල නිලධාරියාව එම තනතුරට පත්කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවත් එම ලිපියේ දැක්වෙනවා.

පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බණ්ඩාරවෙල ආසන කැඳවුම්කරු ද වනවා.

RECENT ARTICLES - SINHALA

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

අමරවීරගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...