32 C
Colombo
Friday, June 2, 2023

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

- Advertisement -

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මියගිය පිරිස අතර සිටි පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය පිරිස අතර සිට තිබෙන බව තහවුරු වී තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ     රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව මඟින් මෙය තහවුරු කරන බවයි.

සාරා ජස්මින්ගේ මවගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කීපයක ඩී.එන්.ඒ. සාම්පල මව සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිපලයක් බවත් ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව වන රාජරත්නම් කවීදා වීමට ඇති සම්භාවිතාව සියයට 99.9999 ක් බව තහවුරු වී ඇති බවත් රජයේ රස පරීක්‍ෂක වාර්තාවේ වැඩි දුරටත් සඳහන්.

එම වාර්තාව අනුව 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව තහවුරු වී ඇති බව  එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

කාලිද් අල් අමේරි දින 3ක ලංකාවේ සංචාරයක

ලොව ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කාලිද් අල් අමේරි මෙම මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට නිවේදනය කර තිබෙනවා.

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

RECENT ARTICLES - ENGLISH

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...