30 C
Colombo
Thursday, December 2, 2021

“සමාජ මාධ්‍ය මර්දනය එපා” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

- Advertisement -

සමාජ මාධ්‍ය ඔස්සේ පුරවැසියන් දක්වන අදහස් අනීතික ලෙස මර්දනය කිරීමට පොලිසිය සහ ආරක්ෂක අංශ  කටයුතු කරමින් සිටින්නේ යැයි නිදහස් මාධ්‍ය ක්‍රියා ව්‍යාපාරය චෝදනා කරයි.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, වෛරී ප්‍රකාශන වැළැක්වීම හා අසත්‍ය ප්‍රචාර වැලැක්වීම යන කරුණුවලට මුවාවෙමින් මෙම මැදිහත්වීම සිදු වන්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය නොවැම්බර් මාසේදීයේදී උතුරු නැගෙනහිර විශාල පිරිසක් මේ ආකාරයෙන් බාධා කිරීම්වලට ලක්ව ඇතැයි ද රඳවාගෙන ප්‍රශ්න කිරීම් වලට ලක් කර ඇතැයිද එහි කැඳවුම්කාරිනී සීතා රංජනී හා ලේකම් ලසන්ත ද සිල්වාගේ අස්සනින් යුතුව එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් රජය දිගින් දිගටම කළ බවත්  තවදුරටත් අත්අඩංගුවට ගැනීම් කිරිමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ සදහන් වේ.
ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ ගැන කඩිනම් අවධානය යොමුකර ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් වූ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමට වහාම මැදිහත් වන්නැයි රජයට බල බලකරන බවද වැඩිදුරටත් සඳහන් කරයි. 

RECENT ARTICLES - SINHALA

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

Breaking: අසාද් සාලි නිදොස් කොට නිදහස්

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...

UN Sri Lanka issues internal memo on gas explosions

0
Following the number of explosions related to domestic gas cylinders in Sri Lanka, the United Nations Sri Lankan office has issued an...

Manju Lalith Warnakumara takes oaths as MP

0
Sri Lanka Podujana Permauna's (SLPP) Manju Lalith Warnakumara took oaths as a MPfor the Kalutara District this morning (1).