29.1 C
Colombo
Friday, April 26, 2024

සත්‍ය තොරතුරු කියන්න බියවෙන්න එපා – ඇමති ඩලස්

- Advertisement -

නිවැරදි තොරතුරු යනු සත්‍යය බවත් සත්‍ය තොරතුරු දැනගන්නට, පවසන්නට හා ඒ වෙනුවෙන් පෙනී සිටින්නට බිය වන්නට එපා යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද ජාත්‍යාන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වසර 5 ක කාලයක සිට මෙරට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ පනත දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක සාධනීය ලකුණක් බැවින් ඒ සඳහා කැපවූ සියලු දෙනාට ප්‍රණාමය පුදකර සිටින බවයි.

තොරතුරු වෙත විධිමත්ව ප්‍රවේශවීම හා තොරතුරුවලට අදාළ නීතිමය පසුබිම ආදී ප්‍රායෝගික කරුණු ඉහළ විනිවිදභාවයකින් යුතු වෘත්තීමය සේවාවක් මගින් මහජනතාව වෙත ලබාදීම රාජ්‍යයක් සතු වගකීමක් බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනය මගින් පෙන්වා දෙනවා.

තොරතුරු දැනගැනීම යනු මානව අයිතියක් බවත් 21 වන සියවසේ මානව සමාජය අන් කවරදාකටත් වඩා ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...