26 C
Colombo
Wednesday, February 19, 2025

තුනෙන් දෙක ගැන කයිවාරු ගහන්න එපා..! – ඇමති ගොඩහේවා

- Advertisement -

තුනෙන් දෙකක බහුතරය අයිති වන්නේ ජනතාවට බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

ඒ, ඊයේ (28) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එබැවින් කිසිඳු අයෙක් ඒ සම්බන්ධයෙන් කයිවාරු නොගැසිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මං හිතන්නෙ දේශපාලන ඉතිහාසය ගත්තාම සන්ධානය රජයන්වල හැමදාම ඔයවගේ මතගැටුම් තියෙනවා. එහෙම මතගැටුම් තිබුණෙ නැති සන්ධාන රජයක් කියන්න ? ඉතිං මේක අස්වාභාවික තත්වයක් නෙවෙයි. යම් යම් මතගැටුම් තියෙනවා. ඒවා සමහර වෙලාවට එහෙම තියෙන එකත් හොඳයි. අර පොඩ්ඩක් කේන්තිය පිට කරගන්නට අවස්ථාවක් ලැබෙනවා. නමුත් අවසානයේදී අපි සියලු දෙනාම එක ගමනක් යන්නට ඕනෙ.

මොකද අපි ජනතාවට පොරොන්දු දීලා අපි හැමදෙනාම ආවෙ. ඒ පොරොන්දු අපි ඉටු කරන්න ඕනෙ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම බැඳී සිටිනවා. ඉතින් මං හිතනවා අවසානයේදී මේ සියල්ල සමථයකට පත්වේවි කියලා. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ ඒ අයට 14 දෙනෙක් ඉන්නවා. එතකොට තුනෙන් දෙක ඒගොල්ලො ගාව තියෙනවා. හැබැයි ඒක කවුරුවත් ඒ පැත්ත වුණත් මේ පැත්ත වුණත් කවුරුවත් කයිවාරු ගහන්න අවශ්‍ය නෑ. මේක ජනතාව දුන්න බලය නේ ? ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම ඡන්දයක් දුන්නෙ නෑනෙ ? දුන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආපු අපේක්ෂකයන්ට. ඒක ඇතුළු වෙන වෙන අය හිටියා. ඒක නිසා මං හිතන්නෙ කොටස් බෙදා වෙන්කර ගන්න එක හරි නෑ කියලා. මේ තුනෙන් දෙක අයිති ජනතාවට, වෙන කාටවත් නෙවෙයි”

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES