බරපතල මූල්‍ය වංචාවන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් බැංකු මගින් ලබාදෙන රහස්පද (OTP) කිසිඳු තත්වයක් යටතේ කිසිවෙකු අතර බෙදාගැනීමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
රටපුරා වාර්තාවන විවිධ බරපතල මූල්‍ය වංචා පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.
බැංකු මගින් ලබාදෙන රහස්පද භාවිත කරමින් එවැනි බරපතල මූල්‍ය වංචා සිදුකරන බවට පොලිසියට නිරීක්ෂණය වී තිබෙන බව පැවසෙනවා.