26 C
Colombo
Wednesday, February 19, 2025

හරීන්, මනූෂ කියන දේශපාලන අනාථයෝ දෙන්නා ආයේ ගන්න එපා – හිරුණිකා

- Advertisement -

මේ වන විට දේශපාලන වශයෙන් අනාථයින් දෙදෙනෙකු වී සිටින හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අයව නැවත වරක් සමගි ජනබලවේගය පක්ෂයට එක්කර නොගන්නැයි ඉල්ලමින් ලක් වනිතා බලවේගය විසින් සමඟි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම සංවිධානයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි හරීන් ප්‍රනාන්දු හා අවස්ථා ගණනාවකදීම ජනතා පරමාධිපත්‍ය මුදලට අලෙවිකළ මනූෂ නානායක්කාර විසින් පක්ෂය අමු අමුවේ පාවාදී ඇති බවයි.

ඔවුන් දෙදෙනා පක්ෂයේ නායකත්වය පිළිබදවද අසත්‍ය කරුණු ගණනාවක් සමාජ ගතකරමින් පක්ෂයේ ප්‍රතිරූපයට හානි කිරීමට උත්සහ දරණ බවත්, පක්ෂයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතාට පවා අවමන් කරමින් දේශපාලන අතකොළුවක් බවට පත්ව ඇති බවත් ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු අමාත්‍ය ධූර භාර ගැනීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සමස්ත සමාජයෙන්ම පිළිකුළට භාජනය වී ඇති බැවින් නැවතත් පක්ෂය සමඟ ගනුදෙනු කිරීමට සැලසුම් කරමින් සිටින බැවින් ඔවුන් දෙදෙනාව කිසිදු හේතුවක් මත පක්ෂයට යළි එක් කර නොගන්නැයි ලක්වනිතා බලවේගය පවසනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES