27 C
Colombo
Saturday, October 12, 2024

වාහන ආනයනයේදී තීරුබදු සහන නැහැ – බන්දුල 

- Advertisement -

ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එම තීරණය ගෙන ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වලට අනුකූල වන අයුරින් බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, පළමුවෙන් ආනයනය කරනු ලබන්නේ පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන රථ බවයි.

වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන රථ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ආනයනය කෙරෙන අතර, වාහන ආනයනය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ,

“සියලුම වර්ගවල වාහන 2025 දෙවැනි මාසයේ පළවෙනිදා සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්නා. ඒ අනුව 2025 පෙබරවාරි 01 සිට කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන පිකප් යන ආදීය වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදුන්නා…

දැන් අනායන තහනම ඉවත් කළාම බලපත්‍රලාභීන්ට තමන්ගේ බලපත්‍රය අනුව වාහන ආනයනය කරන්න පුළුවන්….

ගිවිසුම් ප්‍රකාරව දශමයකින්වත් වෙනස් නොකර ඒ කොන්දේසි ඉටුකරනවා. එහි සඳහන් කරලා තියෙන්නේ හොඳ කරුණක්. කාටවත් නිදහස් ප්‍රවේශ පත්‍ර යටතේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට හෝ කාටවත් වාහන ආනයනය කරන්න බැහැ. කිසියම් බදු ප්‍රතිශතයක් ඇතුළත් කරන්න ඕනේ කියන ගිවිසුම… ඒ ගිවිසුමට ලංකා ආණ්ඩුව එකඟයි…”

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටුණු දරුවෙක් සහ තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබෙනවා. අද (12) සවස කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව තිබුණා. එහිදි  මෙම පුද්ගලයින්...

Breaking: CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු...

Breaking: අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. මහ...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා. එම නිවේදනය අනුව අත්තනගලු...