31 C
Colombo
Wednesday, February 12, 2025

මන්ත්‍රීලත් පාරේ යද්දි ලයිසන් එක දෙන්න ඕනද මෝඩයා

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා යළිත් වරක් කළහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් වාර්තා වනවා.

ඒ අනුව අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේදී රථවාහන පොලීසියෙන් ඔහුව නවත්වා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටින අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගෙ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය ලෙස ඔවුන්ට බැනවදින ආකාරයේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

එහි දැක්වෙන්නේ VIP විදුලි බල්බ දල්වාගෙන ඔහුට අයත් මෝටර් රථය ගමන් ගන්නා ආකාරයයි.

මෙහිදී ඔහු පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂ පුද්ගලයින් බැවින් ඒ ආකාරයෙන් VIP විදුලි බුබුළු දල්වාගෙන යාමේ අයිතිය තමන්ට ඇති බවයි.

පොලිස් රථවාහන අංශයෙන් සිංහල මන්ත්‍රීවරුන්ව මෙලෙස මහමගදී පරික්ෂාවට ලක්කරනේදැයි ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා පවසන්නේ තමන් පාර්ලිමේන්තුව තුළ සිංහල මන්ත්‍රීවරුන්ව නොමැතිව කටයුතු කිරීමට සූදානම් බවයි.

අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා මෙහිදී පොලිස් නිලධාරීන්ට පවසන්නේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට ගමන්ගන්නා අතරතුර ඔහුගේ රිය පරික්ෂා කිරීමේ බලයක් පොලීසියට නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...