සමඟි ජන බලවේගයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව එළඹෙන 22 වැනිදා නියත වශයෙන්ම ජනපති පුටුවට පත් කරන්නා බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ඊයේ (16) අනුරධපුරයේ පැවති සමඟි ජන බලවේගයේ රැළිය අමතමින්.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ,
“ඉර දෙයියොත් සාක්ෂි සඳ දෙයියොත් සාක්ෂි මේ මිහිකත් සාක්ෂි උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ජීවමානව වැඩසිටිනවා සාක්ෂියි.සජිත් ප්‍රේමදාස 22 වෙනිදට අනිවාර්‍යයෙන්ම මේ පුටුවේ වාඩි කරනවාමයි…
අද ජනතා විමුක්ති පෙරමුණේ අය කියනවා ජේතවනාරාමේ කුණු පුරවන්න ඕනේලු. කැමතිද ඒකට දළදාවට ලබ්බ කියපු ගස් ලබ්බව මතකද? ඒ ගස් ලබා කියනවා මිහින්තලේ ධර්මේයි යුරියා සමන්තයි, අපේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ටයි කියනවා උන්ගේ ජන බලවේගය්යේ ආණ්ඩුවක් ආවට පස්සේ වැටෙන්න ගහලා සිවුර ගලවනවලු. ඒ දේ මේ රටේ කරන්න දෙනවද? රාජ්‍යත්වයේ සංකේතයට බෝම්බ ගහපු එකාට මේ ත්‍රස්තවාදියාට ආගමක් නැති එකාට රට භාරදෙනවද?”