32 C
Colombo
Friday, March 29, 2024

වත්තට වැටුණු බෝලය ගන්න ආ සිසුවාට වෙඩි තැබූ වෛද්‍යවරයා රිමාන්ඩ්

- Advertisement -

මහරගම ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කර තිබුණි.

නොවැම්බර් 23 වන දින අදාල නියෝගය කර තිබුණු අතර ලබන මස 02 වැනිදා දක්වා මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

සිසුවාට වෙඩි තබා ඇත්තේ තාරක ප්‍රියජීව ඇල්විටිගල නැමැති මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි.

වායු රයිෆල වෙඩි ප්‍රහාරයට ලක් වූ සිසුවා මේ වනවිට කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අදාල සිසුවා සහ තවත් සිසුන් පිරිසක් පාසල් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව යාබදව පිහිටි වෛද්‍යවරයාගේ ඉඩමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී වෛද්‍යවරයා සහ සිසුන් පිරිස අතර ඇතිවු නොසන්සුන්තාව නිසා වෛද්‍යවරයා පසුව පැමිණ ක්‍රීඩාංගණයේ තාප්පයක වාඩි වී සිටි සිසුවාගේ පපුවට වායු රයිෆලයෙන් වෙඩි තබා ඇත.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...