29.7 C
Colombo
Thursday, April 25, 2024

පකිස්තානයේ දොස්තරලාට එරට පොලිසියෙන් බැටන් සහ කදුලු ගෑස් ප්‍රහාර

- Advertisement -

ඉස්ලාමාබාද් අගනුවර පිහිටි පකිස්තාන වෛද්‍ය කොමිසම ඉදිරිපිට පැවති වෛද්‍යවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් එරට පොලිසිය විසින් කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කොට විසුරැවා හැර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාතික වෛද්‍ය බලපත්‍ර විභාගය අනිවාර්ය කිරීමට එරෙහිව රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා ඇති බවයි.

වසර පහක වෛද්‍ය අධ්‍යාපනයෙන් සහ පුහුණුවෙන් අනතුරුව වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලබාගැනීමෙන් පසු යළිත් වතාවක් ජාතික වෛද්‍ය බලපත්‍රය ලබාගැනීම සදහා අනිවාර්ය විභාගයකට පෙනී සිටීම අසාධාරණ බව විරෝධතාවයට එක්ව සිටි වෛද්‍යවරු මෙහිදී සදහන් කළහ.

මෙහිදී වෛද්‍යවරුන් දස දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර මීට දින කිහිපයකට පෙර මෙම ඉල්ලීම් මතම ඉස්ලාමබාද්හි පැවති වෛද්‍ය සිසුන්ගේ දැවැන්ත විරෝධතාවක් ද පොලිසිය විසින් මෙළෙසම කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර තිබිණ.

RECENT ARTICLES - SINHALA

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...