29 C
Colombo
Saturday, January 18, 2025

සිරකරුවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු මුදල් ගන්න ජාවාරමක

- Advertisement -

බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර ලබන රැදවියන් හට ප්‍රතිකාර කිරීමට ඇතැම් රෝහල් වෛද්‍යවරු රුපියල් ලක්ෂ තුනක සිට ඉහළ මුදලක් අය කරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ලේකම් නීතීඥ සේනක පෙරේරා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ දී අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ මෙය බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් සිදුකරන මහාපරිමාන මානව හිමිකම් උල්ලංඝනයක් බවයි.

එහිදී සිදුවන්නේ රැඳවියන් හට ප්‍රතිකාර සිදුකිරීමට නම් අදාළ වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට ඊට අදාළ මුදල තැන්පත් කරන ලෙසට රැදවියාගේ ඥාතීන්ට එම වෛද්‍යවරුන් දැනුම්දීමක් සිදුකරන බව නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දෙනවා.

මේ අනුව දැනට මෙවැනි මුදල් ඉල්ලීම් රැසක් සම්බන්ධයෙන් තම සංවිධානයට කරුණු රැසක් අනාවරණය වි ඇති බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මීට ආසන්නම සිදුවීමක් ලෙස කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට ගාල්ල බූස්ස බන්ධනාගාරයට හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා මාරුකර යැවු රැඳවියෙක්ට ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ තුනක් ලබා දෙන ලෙස ඥාතින්ට එහි වෛද්‍යවරයෙක් දන්වා ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් සේනක පෙරේරා මහතා පවසනවා.

ඒ අනුව එම රැදවියාගේ ඥාතින් රුපියල් ලක්ෂ තුනක මුදල අදාළ වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට බැරකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් හඩපට බැංකු වාර්තා හා සෙසු තොරතුරු අදාළ සිරකරුවාගේ ඥාතින් සතුව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

අදාළ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගි රැඳවියන් මෙලෙස මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළෙහොත් එම රැඳවියාට කිසිදු ප්‍රතිකාරයක් සිදුනොකරන තත්ත්වයක්ද උදා වී ඇති බවද සේනක පෙරේරා මහතා මාධ්‍ය අමතමින් සදහන් කළා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමට හා මානව හිමිකම් අංශවලටද පැමිණිලි කිරීමට තිරණය කර ඇති බව ද ඒ මහතා සදහන් කළා.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මේ සම්බන්ධයෙන් විධිමත් පිරික්ෂණයක් සිදු කළ යුතු බවත් බන්ධනාගාර ‍මාධ්‍ය ප්‍රකාශකයා මෙම මහා පරිමාන මුදල් ගසා කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රටට ප්‍රකාශයක් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES