31 C
Colombo
Friday, April 19, 2024

ඩලස්ටත් අගමැතිකම ඕනෙ ද?

- Advertisement -

ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින්, ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අ‍දෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදුකළ යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යායපත්‍රය පෙරදැරිකරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝග එක්සත්ව ජයගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඉතිහාසයේ වැඩිම තරුණ නියෝජනයක් සහිත අභියෝගයන් ලුහුබැඳිය හැකි කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය පැසසිය යුතු නමුදු එයද පමා වූ විසඳුම් ගොන්නට එකතු වී හමාර බව අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්ව නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීමේ තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරභාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බවත් ඒ මහතා සිය ලිපියෙහි දක්වා තිබෙනවා.

ආණ්ඩුවෙන් ඉවත්ව දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන විමල් – ගම්මන්පිල – වාසු ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව වී ඇත්තේ ඩලස් අලහප්පෙරුම මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...